• Increase font size
  • Default font size
  • Decrease font size

2021-05-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දැරණියගල මාලිබොඩ වතුයායේ නිවාස ව්‍යාපෘතිය
- අතිගරු ජනාධිපතිතුමා විසින් දැරණියගල ප්‍රදේශයේ පැවත් වූ "ගම සමඟ පිළිසඳර" වැඩසටහනේ දී ඉදිරිපත් වූ ඉල්ලීමක් අනුව මාලිබොඩ අවට ප්‍රදේශයේ වතු කම්කරුවන් සඳහා නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇත. එකී ව්‍යාපෘතිය යටතේ වතු කම්කරුවන් සඳහා නිවාස 171ක් ඉදි කිරීමට සැලසුම් කර ඇත. එමෙන්ම, අතිගරු ජනාධිපතිතුමාගේ ඉල්ලීම පරිදි යෝජිත නිවාස ද ඇතුළත්ව වතු නිවාස 480ක් ඉදි කිරීම සඳහා ඉන්දීය රජය විසින් රුපියල් මිලියන 500ක ප්‍රදානයක් ලබා දීමට එකඟතාව පළ කර ඇත. ඒ අනුව, යෝජිත ඉන්දීය ප්‍රදානය යටතේ මාලිබොඩ නිවාස ඒකක 171ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත්, එහි ප්‍රථම අදියර වශයෙන් නිවාස 60 ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වෙත ප්‍රදානය කිරීමටත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.