• Increase font size
  • Default font size
  • Decrease font size

2021-05-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දේශීය සහ ජාත්‍යන්තර නීතිමය අවශ්‍යතාවන්ට අනුකූලව කටයුතු කිරීම පිණිස යාත්‍රා නිරීක්ෂණ පද්ධතියක් (Vessel Monitoring System) ස්ථාපිත කිරීම
- ඉන්දියන් සාගර ටූනා කොමිෂමේ 15/03 යෝජනා සම්මුතිය පරිදි මහ මුහුදේ ගමන් කරනු ලබන බහුදින ධීවර යාත්‍රාවන්හි පිහිටීම හඳුනාගැනීම, ආපදාවන්හිදී සෝදිසි හා ගලවාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම, බහුදින ධීවර යාත්‍රා යොදා ගනිමින් මුහුදු මාර්ග ඔස්සේ සිදු කරන නීති විරෝධී හා අවිධිමත් ධීවර කටයුතු පාලනය කිරීම සඳහා යාත්‍රා නිරීක්ෂණ පද්ධතියක් ස්ථාපිත කිරීම අත්‍යවශ්‍ය වේ. 2015 වර්ෂයේදී ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි වී ඇති බහුදින ධීවර යාත්‍රා 1250ක් සඳහා චන්ද්‍රිකා තාක්ෂණය භාවිත කරමින් ක්‍රියාත්මක වන යාත්‍රා නිරීක්ෂණ පද්ධතියක් ස්ථාපිත කර ඇත. එම ධීවර යාත්‍රාවලට අමතරව තවත් එවැනි බහුදින ධීවර යාත්‍රා 4200කට අදාළ උපකරණ සවි කළ යුතුව තිබේ. ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් ලබා දෙනු ලබන ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 5.38ක ප්‍රදානයක් යොදාගෙන සංක්‍රමණිකයන් පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය විසින් සිදු කරනු ලබන ප්‍රසම්පාදන ක්‍රියාවලියක් හරහා එකී යාත්‍රා නිරීක්ෂණ පද්ධතිය සවි කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා ධීවර අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.