• Increase font size
  • Default font size
  • Decrease font size

2021-05-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අනුරාධපුර දකුණ සහ අනුරාධපුර උතුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ඉදිකිරීම හේතු කොට ගෙන බලපෑමට ලක් වන පුද්ගලයින් වෙත වන්දි ගෙවීම
- සංවර්ධනය සඳහා වූ ප්‍රංශ නියෝජිතායතනයේ අරමුදල් යටතේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය විසින් අනුරාධපුර ඒකාබද්ධ නගර සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි. අනුරාධපුර නගරයේ සංස්කෘතික උරුමයන් ආරක්ෂා කරමින් එහි නාගරික සේවා හා පොදු ස්ථානයන් වැඩිදියුණු කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වේ. ඒ යටතේ අනුරාධපුර නව බස් නැවතුම්පොළ වැඩිදියුණු කොට එය අනුරාධපුර දකුණ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ලෙස සංවර්ධනය කිරීමටත්, අනුරාධපුර පැරණි බස් නැවතුම්පොළ සහ දුර ගමන් සේවා බස් නැවතුම්පොළ එම ස්ථානයන්ගෙන් ඉවත් කොට ප්‍රධාන දුම්රිය ස්ථානයට යාබදව අනුරාධපුර උතුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වශයෙන් සංවර්ධනය කිරීමටත් සැලසුම් කර ඇත. ඒ අනුව, එකී ව්‍යාපෘතීන් හේතුවෙන් බලපෑමට ලක් වන පවුල් 302ක් සඳහා එම බලපෑමේ ස්වභාවය සැලකිල්ලට ගෙන අදාළ නිර්ණායකයන්ට යටත්ව වන්දි ගෙවීම පිණිස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.