• Increase font size
  • Default font size
  • Decrease font size

2021-05-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1969 අංක 1 දරන ආනයන අපනයන (පාලන) පනත යටතේ නිකුත් කළ රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම
- කෘෂි නිෂ්පාදන සඳහා කාබනික පොහොර භාවිතය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් රසායනික පොහොර, කෘමිනාශක සහ වල්නාශක ආනයනය තහනම් කිරීමට 2021 අප්‍රේල් මස 27 දින අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී. ඒ අනුව, එකී අමාත්‍ය මණ්ඩල තීරණය ක්‍රියාත්මක කිරීමට අදාළව 1969 අංක 1 දරන ආනයන අපනයන (පාලන) පනත යටතේ ප්‍රකාශයට පත් කර ඇති ආනයන හා අපනයන (පාලන) රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම පිණිස මුදල් අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.