• Increase font size
  • Default font size
  • Decrease font size

2021-05-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
Sinopharm සහ Oxford-AsrtaZeneca එන්නත් මිලට ගැනීම
- කොවිඩ් - 19 වසංගතය මර්දනය කිරීම සඳහා එන්නත්කරණය හැර වෙනත් විසඳුමක් නොමැති තත්ත්වයක් යටතේ ඉතා ඉක්මණින් අවශ්‍ය කරන එන්නත් සපයා ගත යුතුව ඇත. මෙම වර්ෂය අවසානය වන විට මුළු ජනගහනයෙන් 60% -70% අතර ප්‍රමාණයක් සඳහා එන්නත් ලබා දීමට රජය සැලසුම් කර තිබේ. ඒ අනුව, කඩිනමින් Sinopharm එන්නත් මාත්‍රා මිලියන 14ක් චීනයේ එම එන්නත නිෂ්පාදක වෙතින් මිල දී ගැනීමට සහ Oxford -AsrtaZeneca එන්නත් මිලියන 01ක් මිල දී ගැනීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.