• Increase font size
  • Default font size
  • Decrease font size

2021-05-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොවිඩ් - 19 රෝගීන් සඳහා වන ප්‍රතිකාර සේවා කඩිනම් කිරීම
- කොවිඩ් තෙවන රැල්ල යටතේ හඳුනාගනු ලබන බොහෝ රෝගීන් අතුරින් අසාධ්‍ය තත්ත්වයට පත්වන රෝගීන්ට ඔක්සිජන් සැපයුම් ආධාරක මත වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම අවශ්‍ය වේ. ඒ අනුව, අසාධ්‍ය කොවිඩ් රෝගීන් සඳහා වෛද්‍ය ඔක්සිජන් සැපයීම තහවුරු කිරීම පිණිස කඩිනමින් පහත සඳහන් පියවර ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යතුමිය විසින් ඉදිරිපත් කරන ලද යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* මුළු දිවයිනම ආවරණය වන පරිදි පළාත් මට්ටමින් හඳුනාගනු ලබන රෝහල් 25ක් තුළ අසාධ්‍ය කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කළ හැකි පරිදි Wall Oxygen උපාංගවලින් සමන්විත විශේෂිත අධි සත්කාර ඒකක (High Dependency Units) ස්ථාපිත කිරීම.

* රෝහල් සඳහා අවශ්‍ය වෛද්‍ය ඔක්සිජන් සැපයුම තහවුරු කිරීම සඳහා හඳුනාගත් දුර බැහැර ප්‍රදේශවල පිහිටි රෝහල් 15ක් තුළ ඔක්සිජන් ජනන යන්ත්‍ර 15ක් ස්ථාපිත කිරීම.

* එක් දිස්ත්‍රික්කයක් සඳහා ජංගම වෛද්‍ය ඔක්සිජන් උත්පාදක යන්ත්‍ර 100ක් බැගින් දිස්ත්‍රික්ක 25 සඳහා එවැනි ඔක්සිජන් උත්පාදක යන්ත්‍ර 2500ක් සැපයීම සහ එමඟින් රෝහල් තුළ සිලින්ඩර මඟින් ඔක්සිජන් සැපයීමේ අවශ්‍යතාව අවම කිරීම.

* වෛද්‍ය ඔක්සිජන් සඳහා වැඩි වන ඉල්ලුම සපුරාලීම පිණිස මාසිකව ද්‍රව ඔක්සිජන් ලීටර් 120,000ක් බැගින් ආනයනය කර ප්‍රමාණවත් ආරක්ෂිත තොගයක් රට තුළ පවත්වාගෙන යාම.