• Increase font size
  • Default font size
  • Decrease font size

2021-05-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අතුරුගිරිය අන්තර් හුවමාරුව සහ නව කැලණි පාලම සම්බන්ධ කරමින් කණු මතින් ඉදිකරනු ලබන අධිවේගී මාර්ගය ඉදිකිරීම
- අතුරුගිරිය අන්තර් හුවමාරුව සහ නව කැලණි පාලම සම්බන්ධ කරමින් කණු මතින් ඉදිකරනු ලබන අධිවේගී මාර්ගය ඉදි කොට පවත්වාගෙන ගොස් පවරා දීමේ (BOT) පදනම මත ක්‍රියාත්මක කිරීම සඳහා 2020 අප්‍රේල් මස 08 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව යෝජිත ව්‍යාපෘතිය සඳහා ආදළ ආයෝජකයින්ගෙන් තාක්ෂණික හා මූල්‍ය යෝජනා ඇතුළත් ලංසු කැඳවා ඇත. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුව විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශය අනුව එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම චයිනා හාබර් ඉංජිනියරින් කෝපරේෂන් සමාගම වෙත පැවරීම පිණිස මහාමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.