• Increase font size
  • Default font size
  • Decrease font size

2021-05-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කළ රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම
- ආනයනය කරනු ලබන ජංගම වැඩපොළ රථ ද්විත්ව කාර්යය වාහන වශයෙන් ලියාපදිංචි කිරීම මඟින් ඇතැම් වාහන ආනයනකරුවන් විසින් විශේෂ වාසිදායක තත්ත්වයක් අත් කර ගන්නා බව නිරීක්ෂණය වී ඇත. ඒ සම්බන්ධයෙන් රාජ්‍ය ගිණුම් කාරක සභාව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ සැලකිල්ලට ගෙන, ද්විත්ව කාර්යය වාහන සහ ජංගම වැඩපොළ රථ සඳහා සමාන තීරු බදු ප්‍රමාණයක් අය කිරීමට හා සමාන ආයු කාලයක් මත පදනම්ව ආනයනයට ඉඩ දීම පිණිස නව සංයෝජිත වර්ගීකරණ සංකේතාංකයක් (HS Code) හඳුන්වා දීම සඳහා වන රෙගුලාසි 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ විධිවිධාන පරිදි 2020 අප්‍රේල් මස 23 දින ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර තිබේ. එලෙස, ප්‍රකාශයට පත් කරන ලද රෙගුලාසි අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස මුදල් අමත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.