• Increase font size
  • Default font size
  • Decrease font size

2021-05-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1961 අංක 28 දරන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පනත සංශෝධනය කිරීම
- දැනට බලාත්මකව පවතින 1961 අංක 28 දරන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පනතේ ඇතැම් විධිවිධාන වර්තමාන අවශ්‍යතාවන්ට ප්‍රමාණවත් නොවන බැවින්, ඒ සඳහා හඳුනාගෙන ඇති සංශෝධන ඇතුළත් කරමින් එකී පනත සංශෝධනය කිරීමටත්, ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබා දීමටත් බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.