• Increase font size
  • Default font size
  • Decrease font size

2021-05-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය සහ දකුණු කොරියාවේ කොරියානු ජාතික විවෘත විශ්වවිද්‍යාලය (Korea National Open University, South Korea) සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීම
- විවෘත හා දුරස්ථ අධ්‍යාපනය, ධාරිතා වර්ධනය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, රසායනාගාර පහසුකම් භාවිතය, පර්යේෂණ හා ප්‍රකාශන සහ කාර්යමණ්ඩල හුවමාරු වැඩසටහන් යන ක්ෂේත්‍රයන්හි සහයෝගිතාව ඇති කර ගැනීම සඳහා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය සහ දකුණු කොරියාවේ කොරියානු ජාතික විවෘත විශ්වවිද්‍යාලය (Korea National Open University, South Korea) අතර එකඟතාව ඇති කර ගෙන ඇත. ඒ සඳහා වන අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.