• Increase font size
  • Default font size
  • Decrease font size

2021-05-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොවිඩ් - 19 හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා මාර්ගෝපදේශ හඳුන්වා දීම
- දැනට පවතින කොවිඩ් - 19 වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය සහ එම අමාත්‍යාංශ යටතේ පවතින රාජ්‍ය අමාත්‍යාංශ සඳහා වන අත්‍යවශ්‍ය ද්‍රව්‍යයන් ප්‍රමාදයකින් තොරව සපයාගැනීම සඳහා දැනට පවතින ප්‍රසම්පාදන ක්‍රමවේදයන් සරල කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, එන්නත්, වෛද්‍ය උපකරණ, අනෙකුත් වෛද්‍ය අවශ්‍යතාවන් සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කඩිනමින් මිල දී ගැනීමට හැකි වන පරිදි දැනට ක්‍රියාත්මකව පවතින ප්‍රසම්පාදන ක්‍රමවේදය සංශෝධනය කරමින් නව මාර්ගෝපදේශ නිකුත් කිරීම පිණිස මුදල් අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.