• Increase font size
  • Default font size
  • Decrease font size

2021-05-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2013 ඉඩම් අත්කර ගැනීමේ (වන්දි ගෙවීම්) නියෝග සංශෝධනය
- හඳුනාගත් ව්‍යාපෘති 20ක් සඳහා ඉඩම් අත්කර ගැනීමේ ප්‍රතිස්ථානගත කිරීමේ කමිටු ක්‍රමය (LARC) සහ ප්‍රතිස්ථානගත කිරීමේ විශේෂ කමිටු ක්‍රමය (SUPER LARC) යටතේ වන්දි ගෙවීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇති අතර, ඒ සඳහා ඉඩම් අත්කර ගැනීමේ පනතේ විධිවිධාන පරිදි අදාළ නියෝග පනවනු ලැබ ඇත. පහත සඳහන් ව්‍යාපෘති සඳහා අත්කර ගනු ලබන ඉඩම් සඳහා වන්දි ගෙවීම පිණිස ද එම ක්‍රමවේදයම අනුගමනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ.

* කොළඹ අගනගර ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය.

* දඹුල්ල හරහා කුරුණෑගල සිට හබරණ දක්වා දුම්රිය මාර්ග ව්‍යාපෘතිය.

* උපායමාර්ගික නගර සංවර්ධන වැඩසටහන්.

* ආසියානු සංවර්ධන බැංකු අරමුදල් යටතේ ග්‍රිඩ් උපපොළවල් සහ සම්ප්‍රේෂණ රැහැන් මාර්ග ව්‍යාපෘතිය.

ඒ අනුව, 2021 මාර්තු මස 18 දින ගැසට් පත්‍රයේ පළ කර ඇති 2013 ඉඩම් අත්පත් කර ගැනීමේ (වන්දි ගෙවීමේ) සංශෝධිත නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස ඉඩම් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.