• Increase font size
  • Default font size
  • Decrease font size

2021-05-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හරිත ව්‍යවසායකත්ව ප්‍රවර්ධනය මඟින් පරිසර සංරක්ෂණය
"සෞභාග්‍යයේ දැක්ම" රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මඟින් දිවයිනේ සමස්ත වන ආවරණය 30% දක්වා ඉහළ නැංවීමට යෝජනා ඉදිරිපත් කර ඇත. ඒ අනුව මේ වන විට පරිසර අමාත්‍යාංශය යටතේ "සුරකිමු ගංගා" ජාතික පාරිසරික සංරක්ෂණ වැඩසටහන සහ "හුස්ම දෙන තුරු" රුක් රෝපණ වැඩසටහන දිවයින පුරා රාජ්‍ය ආයතන, පෞද්ගලික අංශය, රාජ්‍ය නොවන සංවිධාන හා ස්වේච්ඡා සංවිධාන ඇතුළු පාර්ශ්ව ගණනාවක් හරහා ක්‍රියාත්මක වේ. එකී වැඩසටහන් සඳහා අවශ්‍ය කරන පැළ සපයා ගැනීම පිණිස හා ග්‍රාමීය ප්‍රජාව දිරි ගන්වමින් හරිත ව්‍යවසායකයින් බිහි කිරීම අරමුණු කර ගෙන, ශ්‍රී ලංකාව පුරා අලුතින් පැළ තවාන්කරුවන් 650ක් බිහි කිරීමට සැලසුම් කර තිබේ. එම වැඩසටහන යටතේ තෝරාගනු ලබන අඩු ආදායම්ලාභී පවුල් ඒකක 650කට පැළ තවාන්කරුවන් වශයෙන් විධිමත් පුහුණුවක් ලබා දෙමින් හරිත ව්‍යවසායකයින් ලෙස කටයුතු කිරීමට අවස්ථාව සලසා දීම පිණිස පරිසර අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.