• Increase font size
  • Default font size
  • Decrease font size

2021-05-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක් කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා ආයතනය වෙත පවරා ගැනීම
- කොළඹ 08, ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මාවතේ අංක 330 ස්ථානයේ පිහිටි හෙක්ටයාර 0.1765ක ඉඩම් කොටසක් දේශීය වෛද්‍ය විද්‍යා ආයතනය වෙත පවරා දීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් එකඟතාව ලබා දී ඇත. සායනික නිපුණතා සංවර්ධන විද්‍යාගාරය හා අධ්‍යයන ශාලාව, ශ්‍රී ලංකා සාම්ප්‍රදායික ආහාර සැකසීමේ පුහුණු මධ්‍යස්ථානය සහ අවන්හල ඇතුළුව මහල් 08කින් යුත් බහුකාර්ය ගොඩනැගිලි සංකීර්ණයක් එකී ඉඩමේ ඉදිකිරීමට දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ කළමනාකරණ මණ්ඩලය විසින් තීරණය කර ඇති අතර ඒ සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් එකඟතාව ලබා දී ඇත. ඒ අනුව, අදාළ ඉඩම් කොටස කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා ආයතනය වෙත පවරා ගැනීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.