• Increase font size
  • Default font size
  • Decrease font size

2021-05-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයින් සඳහා රක්ෂණ හිමිකම් ලබා දීම
- ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයින් සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් විදෙස් ශ්‍රමික රක්ෂණ ආවරණයක් සලසා දී ඇති අතර එමගින් ශ්‍රමිකයෙකුගේ මරණයකදී රුපියල් 600,000/-ක හා පූර්ණ ආබාධිත තත්ත්වයකට පත්වීමේදී රුපියල් 400,000/-ක උපරිමයකට යටත්ව වන්දි ගෙවනු ලබයි. එහෙත්, එම ශ්‍රමිකයින්හට වැඩ බිම්වලදී සිදු වන නොයෙකුත් කාර්මික හා ගෘහස්ථ අනතුරු, විවිධ රෝගාබාධ මෙන්ම හාම්පුතුන්ගෙන් සිදු වන පීඩාවන් හා හිරිහැර හේතුවෙන් ඇති වන මානසික හා සෞඛ්‍ය ගැටලු සඳහා වෛද්‍ය පහසුකම් ලබා ගැනීම සහ කොවිඩ් - 19 වැනි වසංගත තත්ත්වයන් හේතුවෙන් රැකියා අහිමි වීම යන කරුණු සඳහා කිසිදු ආවරණයක් නොමැත. එබැවින්, එම කරුණු සැලකිල්ලට ගෙන, ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයින් සඳහා යෝග්‍ය රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීම පිණිස කම්කරු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.