• Increase font size
  • Default font size
  • Decrease font size

2021-05-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ ප්‍රකාශයට පත් කළ ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
- 2019 මාර්තු මස 06 දින හෝ ඊට පසු ක්‍රියාත්මක කරනු ලබන ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 50ක් හෝ ඊට වැඩි ආයෝජනයක් සහිත ඕනෑම ව්‍යාපෘතියක් සඳහා ආනයනය කරනු ලබන ඕනෑම භාණ්ඩයක් එම ව්‍යාපෘතියේ වාණිජ ක්‍රියාකාරකම් ආරම්භ කිරීමට පෙර සෙස් බද්දෙන් නිදහස් කර ඇත. එහෙත්, ඇතැම් මහා පරිමාණ ව්‍යාපෘති සමස්ත ව්‍යාපෘතිය නිම කිරීමට ප්‍රථම, අදියර වශයෙන් වාණිජ මෙහෙයුම් කටයුතු ආරම්භ කරන බැවින් එවැනි ව්‍යාපෘති සඳහා සෙස් බද්දෙන් නිදහස් වීමට අදාළ විධිවිධාන පැනවී නොමැත. එබැවින්, එවැනි ව්‍යාපෘති ද සෙස් බද්දෙන් නිදහස් කිරීම සඳහා වන විධිවිධාන පනවමින් 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ ප්‍රකාශයට පත් කර ඇති අංක 2219/36 දරන 2021 මාර්තු මස 17 දිනැති ගැසට් නිවේදනය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස වෙළෙඳ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.