• Increase font size
  • Default font size
  • Decrease font size

2021-05-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ අන්තර් පළාත් මගී බස්රථ ධාවන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා සහන ලබා දීම
- කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ අන්තර් පළාත් මගී බස්රථ ධාවන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා හඳුනාගත් සහන 2021 මාර්තු මස 31 දින දක්වා ලබා දීම පිණිස මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී ඇත. කොවිඩ්-19 වසංගත තත්ත්වයේ බලපෑම තවදුරටත් පැවතීම හේතුවෙන් බස්රථ ධාවන කටයුතු විධිමත් ආකාරයෙන් සිදු නොවන බව සැලකිල්ලට ගෙන 2021 අප්‍රේල් මස 01 දින සිට 2021 සැප්තැම්බර් මස 31 දින දක්වා පහත සඳහන් සහන බස්රථ ධාවකයින් වෙත සලසා දීම පිණිස ප්‍රවාහන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* වාර්ෂික ටෙන්ඩර් ගාස්තුවෙන් 50%ක් පමණක් අය කිරීම.

* අධිවේගී මාර්ගයේ තාවකාලික අවසර පත්‍ර ගාස්තුවෙන් 50%ක් පමණක් අය කිරීම.