• Increase font size
  • Default font size
  • Decrease font size

2021-05-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය සහ ජපානයේ රියුකියුස් විශ්වවිද්‍යාලයේ නිවර්තන ජෛවගෝල පර්යේෂණ මධ්‍යස්ථානය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම
- අන්තර් ආයතනික පර්යේෂණ, නවෝත්පාදන වැඩසටහන් සංවර්ධනය කිරීම, කාර්යමණ්ඩල පහසුකම් සැලසීම සහ ශිෂ්‍ය හුවමාරු වැඩසටහන් සහ අත්දැකීම් හුවමාරු කර ගැනීම යන ක්ෂේත්‍රයන්හි සහයෝගිතාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය සහ ජපානයේ රියුකියුස් විශ්වවිද්‍යාලයේ නිවර්තන ජෛවගෝල පර්යේෂණ මධ්‍යස්ථානය(Tropical Biosphere Research Center of University of Ryukyus, Japan) අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස එකඟතාව ඇති කර ගෙන ඇත. ඒ අනුව, එකී අවබෝධතා ගිවිසුමට එළඹීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.