• Increase font size
  • Default font size
  • Decrease font size

2021-05-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ විශ්වවිද්‍යාලය සහ මැලේසියාවේ ටේලර්ස් විශ්වවිද්‍යාලය (Taylor's University) සමඟ එක්ව පර්යේෂණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ගිවිසුමකට එළඹීම
- සෞඛ්‍යයට අහිතකර ආහාරපාන පිළිබඳ රූපවාහිනි ප්‍රචාරණයේ ව්‍යාප්තිය හා ස්වභාවය සම්බන්ධයෙන් ආසියාවේ රටවල් 09ක ගැහැනු හා පිරිමි ළමයින් උපයෝගී කර ගනිමින් පර්යේෂණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා කොළඹ විශ්වවිද්‍යාලය සහ මැලේසියාවේ ටේලර්ස් විශ්වවිද්‍යාලය අතර එකඟතාවක් ඇති කර ගෙන ඇත. ඒකී පර්යේෂණ ව්‍යාපෘතිය සඳහා කැනඩාවේ ජාත්‍යන්තර සංවර්ධන පර්යේෂණ මධ්‍යස්ථානය විසින් මැලේසියාවේ ටේලර්ස් විශ්වවිද්‍යාලය වෙත මූල්‍ය ආධාර සපයනු ලබයි. ඒ අනුව, කොළඹ විශ්වවිද්‍යාලය විසින් සිදු කරනු ලබන කාර්යයන් සඳහා අවශ්‍ය වන මූල්‍ය ප්‍රතිපාදන මැලේසියාවේ ටේලර්ස් විශ්වවිද්‍යාලය විසින් සලසනු ලැබේ. ඒ අනුව, යෝජිත පරිසර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.