• Increase font size
  • Default font size
  • Decrease font size

2021-05-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහනේ තෙවන අදියර ක්‍රියාත්මක කිරීම
- දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ඇමෙරිකන් එක්සත් ජනපද ඩොලර් මිලියන 900ක් ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය හා එම බැංකුව අතර එකඟතාවකට එළඹ ඇත. එම වැඩසටහන යටතේ නැගෙනහිර, උතුරු, ඌව සහ බස්නාහිර පළාත්වල ග්‍රාමිය පිවිසුම් මාර්ග කිලෝමීටර 3,400ක් පමණ පිළිසකර කර නඩත්තු කිරීමටත්, එම පළාත්වල ග්‍රාමීය ප්‍රජාව සහ සමාජ ආර්ථික මධ්‍යස්ථාන අතර පවතින ජාතික මාර්ග කිලෝමීටර 340ක් පුනරුත්ථානය කිරීමටත් සැලසුම් කර තිබේ. සමස්ත වැඩසටහන 2027 මාර්තු මස 31 දින වන විට අවසන් කිරීමට අපේක්ෂා කෙරේ. ඒ අනුව, දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන මූල්‍යයනය කිරීම සඳහා එකඟ වී ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 900ක මුදලේ තෙවන වාරිකය වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක මුදලක් ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ලබා ගැනීමටත්, ඒ සඳහා වන ගිවිසුමට එළඹීමටත් මුදල් අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.