• Increase font size
  • Default font size
  • Decrease font size

2021-05-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොවිඩ් - 19 වසංගතයේ තෙවන රැල්ල සමය තුළ PCR ධාරිතාව වැඩි කිරීම
- කොවිඩ් නව ප්‍රභේදය අනාවරණය වීමත් සමඟ රජයේ රසායනාගාර තුළ කොවිඩ් PCR පරීක්ෂණ ඉල්ලුම දිනකට 20,000ක් පමණ දක්වා මේ වන විට ඉහළ ගොස් ඇති අතර, තවදුරටත් ඉහළ යාමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරනු ලබයි. එබැවින්, එම අවශ්‍යතාව පරිදි PCR පරීක්ෂණ සිදු කිරීම සඳහා අවශ්‍ය පරීක්ෂණ කට්ටල සහ අනෙකුත් උපාංග කඩිනමින් මිල දී ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස සෞඛ්‍ය ඇමතිතුමිය ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.