• Increase font size
  • Default font size
  • Decrease font size

2021-05-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා මහ බැංකුවේ 2020 වසර සඳහා වන වාර්ෂික වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම
- ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ආර්ථිකයේ තත්ත්වය, ශ්‍රී ලංකා මහ බැංකුවේ තත්ත්වය සහ වසර තුළදී මුදල් මණ්ඩලය විසින් අනුගමනය කළ ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තාවක් ඊළඟ වසර ආරම්භ වී මාස 04ක් තුළ මුදල් ඇමතිතුමා වෙත ඉදිරිපත් කළ යුතුය. ඒ අනුව, 2020 වර්ෂයට අදාළ ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව 2021 අප්‍රේල් මස 30 වන දින මුදල් ඇමතිතුමා වෙත පිළිගන්වා ඇත. මුදල් පනතේ විධිවිධාන පරිදි මුදල් ඇමතිතුමා වෙත එකී වාර්ෂික වාර්තාව ඉදිරිපත් කර දින 14ක් තුළ මුදල් ඇමතිතුමා විසින් එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු වේ. ඒ අනුව, 2020 වර්ෂයේ ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම පිණිස මුදල් අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.