• Increase font size
  • Default font size
  • Decrease font size

2021-05-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පෙර පුරවා ඇති එනොක්සපාරින් සෝඩියම් එන්නත් 4000 අයියූ, මිලි ලීටර් 0.4 සිරින්ජර් 840,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය
- හෘද රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා භාවිතා කරනු ලබන මෙම ඖෂධය ප්‍රසම්පාදනය සඳහා ජාත්‍යන්තර තරගකාරි ලංසු කැඳවා ඇත. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි එකී ප්‍රසම්පාදනය ශ්‍රී ලංකාවේ M/s Slim Pharmaceuticals (Pvt) Ltd. වෙත රුපියල් මිලියන 541.80ක මුදලකට ප්‍රදානය කිරීම පිණිස සෞඛ්‍ය අමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.