• Increase font size
  • Default font size
  • Decrease font size

2021-05-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අන්තඃ‍ෛශරික භාවිතය සඳහා වූ හියුමන් ඉමියුනොග්ලොබින් බීපී ග්රෑම් 5-6 වයල්ස් 112,500ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය
- ප්‍රතිශක්ති ඌනතා සහිත රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට භාවිතා කරනු ලබන මෙම ඖෂධය ප්‍රසම්පාදනය සඳහා ජාත්‍යන්තර තරගකාරි ලංසු කැඳවා ඇත. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි එකී ප්‍රසම්පාදනය ඉන්දියාවේ M/s Reliance Life Science (Pvt.) Ltd. වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 13.10ක මුදලකට ප්‍රදානය කිරීම පිණිස සෞඛ්‍ය අමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.