• Increase font size
  • Default font size
  • Decrease font size

2021-05-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ විවෘත විශ්වවිද්‍යාලය සහ ජපානයේ ඔකායාමා විශ්වවිද්‍යාලයේ පාරිසරික හා ජීවන විද්‍යා උපාධි විද්‍යායතනය (Graduate School of Environmental and Life Science) අතර අවබෝධතා ගිවිසුමකට එළැඹීම
- ශිෂ්‍ය සහ පීඨ හා කාර්යමණ්ඩල හුවමාරු වැඩසටහන් සංවිධානය කිරීම, සහයෝගීතා පර්යේෂණ, උපදේශන හා සංස්කෘතික වැඩසටහන් සංවිධානය කිරීම සහ පර්යේෂණ තොරතුරු හුවමාරු කර ගැනීම යන ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ විවෘත විශ්වවිදලය සහ ජපානයේ ඔකායාමා විශ්වවිද්‍යාලයේ පාරිසරික හා ජීවන විද්‍යා උපාධි විද්‍යායතනය (Graduate School of Environmental and Life Science) අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.