• Increase font size
  • Default font size
  • Decrease font size

2021-04-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අන්තර්ජාලය හරහා සිදු කරන අසත්‍ය සහ නොමග යවන සුළු ප්‍රකාශවලින් ආරක්ෂා වීම පිණිස අවශ්‍ය නීති පැනවීම
- අන්තර්ජාලය මඟින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම බරපතළ තර්ජනයක් නිර්මාණය කරන අතර, එම තත්ත්වය සමාජය බෙදීමට, වෛරය පැතිරවීමට සහ ප්‍රජාතාන්ත්‍රික ආයතන දුර්වල කිරීමට යොදා ගනු ලබන බව පෙනී ගොස් ඇත. මෙම ගැටලුව විසඳීම සඳහා විවිධ රටවල් විසින් නීති පැනවීමට මේ වන විටත් අවශ්‍ය පියවර ගනු ලැබ ඇත. අන්තර්ජාලය ඔස්සේ සිදු කරන අසත්‍ය ප්‍රචාර හේතුවෙන් සිදු වන හානි වලින් සමාජය ආරක්ෂා කිරීම උදෙසා නව නීතියක් හඳුන්වා දීම මඟින් පුරවැසියන්ට හා සිවිල් සමාජයට නිවැරදි තොරතුරුවලට ප්‍රවේශ වීමට අවස්ථාව ලබා දීම පිණිස පියවර ගත යුතුව ඇත. ඒ අනුව, අදාළ කාර්යය සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස අධිකරණ අමාත්‍යතුමා සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.