• Increase font size
  • Default font size
  • Decrease font size

2021-04-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මිනිස්බල සහ රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ කාර්යභාරය නීතිමය පදනමක් මත ස්ථාපිත කිරීම
- අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව 2010 වර්ෂයේදී අති විශෙෂ ගැසට් නිවේදනයක් මඟින් මිනිස්බල සහ රැකීරක්ෂා දෙපාර්තමේන්තුව ස්ථාපිත කර ඇත. ජාතික මිනිස්බල සහ රැකීරක්ෂා ප්‍රතිපත්තියක් සකස් කර ක්‍රියාත්මක කිරීම, රැකියා නිර්මාණය හා ප්‍රවර්ධනය, වෘත්තීය මාර්ගෝපදේශනයට අයත් කටයුතු, ශ්‍රම වෙළෙඳපොළ තොරතුරු එක් රැස්කිරීම, විශ්ලේෂණය කිරීම, බෙදා හැරීම සහ රැකියා පියස මඟින් සිදු කරනු ලබන කටයුතු එම දෙපාර්තමේන්තුව වෙත පැවරී ඇත. එමඟින් රටේ විරැකියා අනුපාතය අවම කිරීම, ඌන සේවා නියුක්තිය අවම කිරීම, මිනිස් බලය අනාගත ප්‍රවණතාවන් අනුව හැඩගැස්වීම සහ කළමනාකරණය කිරීම යන අරමුණු ඉටු කර ගැනීමට අපේක්ෂා කරනු ලැබේ. එකී කාර්යයන් ඉටු කිරීමේදී මෙම දෙපාර්තමේන්තුවට විධිමත් නෛතික තත්ත්වයක් පැවතීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇති අතර, එය පාර්ලිමේන්තු පනතක් මඟින් ස්ථාපිත කිරීමේ යෝග්‍යතාව පෙනී ගොස් ඇත. ඒ අනුව, මිනිස්බල සහ රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ කාර්යභාරය නීතිමය පදනමක් මත ස්ථාපිත කිරීමටත්, ඒ සඳහා විධිවිධාන ඇතුළත්ව පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමටත් තරුණ හා ක්‍රීඩා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.