• Increase font size
  • Default font size
  • Decrease font size

2021-04-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කිරි ව්‍යවසායක සමිති ලියාපදිංචි කිරීමේ පනතක් කෙටුම්පත් කිරීම
- කිරි කර්මාන්තයේ නියුතු ව්‍යවසායකයන් දිරි ගැන්වීම සඳහා දිස්ත්‍රික් හා පළාත් මට්ටමින් ලියාපදිංචි කරන ලද කිරි ව්‍යවසායක සමිති ක්‍රියාත්මක වෙමින් පැවතිය ද රාජ්‍ය අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වන සමස්ත කිරි ව්‍යවසායක සමිති ඒකරාශී වූ පොදු සංවිධානයක් ක්‍රියාත්මක නොවේ. එබැවින්, කිරි කර්මාන්තය නගා සිටුවීම සඳහා අවශ්‍ය පියවර ගැනීමේදී එවැනි පොදු ව්‍යුහයක් යටතේ ප්‍රාදේශීය, දිස්ත්‍රික්ක, පළාත් හා සමස්ත ලංකා මට්ටමින් එක් නෛතික රාමුවක් යටතේ කිරි ව්‍යවසායක සමිති ලියාපදිංචි කිරීමේ අවශ්‍යතාව පැන නැගී ඇත. ඒ අනුව, එම කාර්යය සඳහා කිරි ව්‍යවසායක සමිති ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස කෘෂිකර්ම අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.