• Increase font size
  • Default font size
  • Decrease font size

2021-04-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ (වගකීම) පනත සංශෝධනය කිරීම
- 2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ (වගකීම) පනතේ සඳහන් ණය සහ ඇපකර පිළිබඳ නියමයන් සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස 2020 දෙසැම්බර් මස 21 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් අදාළ කෙටුම්පත සකස් කර ඇති අතර, ඒ සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබේ. එකී පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මුදල් අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.