• Increase font size
  • Default font size
  • Decrease font size

2021-04-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බෞද්ධ ප්‍රකාශන පළ කිරීම නියාමනය කිරීමේ පනතක් පැනවීම
- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ II වන පරිච්ඡේදයේ 9 වන වගන්තියෙහි දැක්වෙන පරිදි බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දෙමින් බුද්ධශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ ප්‍රධාන වගකීමක් වේ. නිර්මල බුදුදහම හා බෞද්ධ සම්ප්‍රදායන් විකෘති කරමින් විවිධ ග්‍රන්ථ, ප්‍රකාශන, සංයුක්ත තැටි හා වෙනත් නිර්මාණ බිහි වන බව පෙනී ගොස් ඇත. එබැවින්, එවැනි නිර්මාණ නියාමනය කිරීමේ විධිවිධාන ඇතුළත්ව පනතක් පැනවීම යෝග්‍ය බව නිරීක්ෂණය වී ඇත. ඒ අනුව, බෞද්ධ ප්‍රකාශන පළ කිරීම නියාමනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.