• Increase font size
  • Default font size
  • Decrease font size

2021-04-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජපාන ණය ආධාර යටතේ ශ්‍රී ලංකාවෙහි භෞමික රූපවාහිනී විකාශනය අංකිත කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
- භෞමික රූපවාහිනී විකාශනය ප්‍රතිසම (Analog) ක්‍රමවේදයේ සිට අංකිත (Digital) ක්‍රමවේදය දක්වා වෙනස් වෙමින් පවතින අතර මෙම ගෝලීය ප්‍රවණතාවට අනුගත වීම අත්‍යවශ්‍ය කරුණක් වී ඇත. ඒ අනුව, භෞමික රූපවාහිනී විකාශනය අංකිත ක්‍රමවේදයට පරිවර්තනය කිරීම සඳහා අවස්ථා කිහිපයකදී අවශ්‍ය තීරණ ගෙන ඇති නමුත් එම තීරණ මෙතෙක් ක්‍රියාත්මක වී නොමැත. ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) විසින් සිදු කරන ලද ශක්‍යතා අධ්‍යයනයකින් අනතුරුව ශ්‍රී ලංකාවට ගැළපෙන පරිදි ISDB-T තාක්ෂණය හඳුන්වා දීමට තීරණය වී තිබේ. අංකිත (Digital) තාක්ෂණයට අනුගත වීම මඟින් වර්තමානයේ භාවිත වන සංඛ්‍යාත පරාසයෙන් (Frequency Spectrum) කොටසක් ග්‍රාමීය ප්‍රදේශයන්හි අන්තර්ජාල ප්‍රවේශය වැඩි කරමින් රැහැන් රහිත සේවා භාවිත කිරීම සඳහා යොදා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. ඒ අනුව, නවීන තාක්ෂණය භාවිත කරමින් ශ්‍රී ලංකාවේ භෞමික රූපවාහිනී විකාශනය අංකිත (Digital) කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස තාක්ෂණ අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.