• Increase font size
  • Default font size
  • Decrease font size

2021-04-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොවිඩ් - 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා තවත් "ස්පුට්නික් V" එන්නත් මාත්‍රා මිලියන 06ක් මිල දී ගැනීම
- අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශය පරිදි "ස්පුට්නික් V" එන්නත් මිලියන 07ක්, එක් එන්නත් මාත්‍රාවක් ඇමෙරිකානු ඩොලර් 9.95ක් බැගින් ඇමෙරිකානු ඩොලර් මිලියන 69.65ක මුදලකට මිල දී ගැනීම පිණිස 2021 මාර්තු මස 23 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. එම එන්නත් ප්‍රමාණයට අමතරව එම මිලටම තවත් ස්පුට්නික් V" එන්නත් මාත්‍රා මිලියන 06ක් මිල දී ගැනීම පිණිස සෞඛ්‍ය අමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.