• Increase font size
  • Default font size
  • Decrease font size

2021-04-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2005 අංක 38 දරන සංචාරක කටයුතු පනත අහෝසි කර නව සංචාරක කටයුතු පනතක් පැනවීම
- 2005 අංක 38 දරන සංචාරක පනතේ විධිවිධාන අනුව සමස්ත සංචාරක අංශය ප්‍රධාන ආයතන 04කට බෙදා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය සහ ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය ස්ථාපිත කර ඇත. එහෙත් සමස්ත සංචාරක අංශය ආයතන 04කට බෙදා තිබීම හේතුවෙන් එම ආයතන සම්බන්ධීකරණය කිරීමේදී ගැටලු පැන නැගීම හා සම්පත් නාස්තිය වැනි අයහපත් බලපෑම් සිදු වන බව පෙනී ගොස් තිබේ. ඒ අනුව, සංචාරක කර්මාන්තයේ තිරසර සංවර්ධනය සහතික කිරීම සඳහා 2005 අංක 38 දරන සංචාරක කටයුතු පනත අහෝසි කර නව සංචාරක කටයුතු පනතක් පැනවීම සඳහා පනතක් කෙටුම්පත් කිරීමටත්, එමඟින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය ඒකාබද්ධ කර 'ශ්‍රී ලංකා සංචාරක අධිකාරිය' නමින් නව අධිකාරියක් ස්ථාපිත කිරීමටත් අවශ්‍ය පියවර ගැනීම පිණිස සංචාරක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.