• Increase font size
  • Default font size
  • Decrease font size

2021-04-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2021/2022 වර්ෂය සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහා ආහාර ද්‍රව්‍ය සැපයීම පිණිස කොන්ත්‍රාත් ප්‍රදානය කිරීම
- 2021/2022 වර්ෂය සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ආහාර ද්‍රව්‍ය සැපයීම පිණිස කොන්ත්‍රාත්කරුවන් තෝරා ගැනීම සඳහා ජාතික තරගකාරි ලංසු කැඳවා ඇත. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි 2021 අප්‍රේල් මස 16 සිට 2022 අප්‍රේල් 15 දින දක්වා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ආහාර ද්‍රව්‍ය සැපයීම සඳහා තෝරාගත් සැපයුම්කරුවන් වෙත අදාළ කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම පිණිස අධිකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.