• Increase font size
  • Default font size
  • Decrease font size

2021-04-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ 2020-2025 ඒකාබද්ධ සැලැස්මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා කඩිනම් ප්‍රසම්පාදන ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම
- 2020-2025 ඒකාබද්ධ සැලැස්මේ ඇතුළත් ජල හා මලාපවහන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා 2021 ජනවාරි මස 11 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. යෝජිත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම මඟින් 2025 වන විට දිවයිනේ ගෘහ ඒකක 78.8%ක පානීය ජල අවශ්‍යතාව සපුරාලීමට සැලසුම් කර තිබේ. එම ඉලක්කය සපුරා ගැනීම සඳහා සම්ප්‍රේෂණ හා බෙදා හැරීමේ නළ මාර්ග කිලෝමීටර 40000ක් පමණ සපයා එළීමටත් වත්මන් නිෂ්පාදන ධාරිතාව දිනකට ඝන මීටර මිලියන 2.35කින් වැඩි කිරීමටත් සැලසුම් කර ඇත. ජල ක්ෂේත්‍රයේ ව්‍යාපෘතිවල පවතින සංකීර්ණ ස්වභාවය හේතුවෙන් ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ප්‍රසම්පාදන කාර්යයන් සඳහා වෙනත් ආයතනවලට වඩා වැඩි කාලයක් ගත වන බව පෙනී ගොස් ඇත. එබැවින්, ජල නළ හා උපාංග ප්‍රසම්පාදනය මධ්‍යගත ක්‍රමවේදයක් යටතේ සපයා ගැනීමට සහ ඒ සඳහා ඒකක මිල ක්‍රමවේදයක් හඳුන්වාදීමටත්, නළ එළීමේ කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීමේදී ද ඒකක මිල ක්‍රමවේදයක් හඳුන්වාදීමටත් ජලසම්පාදන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.