• Increase font size
  • Default font size
  • Decrease font size

2021-04-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
තේ වගාව සඳහා උනන්දු කිරීම පිණිස දැනට ගෙවනු ලබන සහනාධාර මුදල් සංශෝධනය කිරීම
- 2019 වර්ෂයේදී මුළු තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 300ක් වූ අතර, ඉන් 75%ක් වන කිලෝග්‍රෑම් මිලියන 225ක් පමණ නිෂ්පාදනය කර ඇත්තේ කුඩා තේ වතු අංශය විසිනි. තේ නිෂ්පාදනය ප්‍රශස්ත මට්ටමින් පවත්වාගෙන යාම සඳහා කුඩා තේ ඉඩම්වල ඵලදායීතාව ඉහළ නැංවීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇත. තේ නැවත වගාව මඟින් ආදායම් ඉපැයීම සඳහා වසර 04ක පමණ කාලයක් ගත වීමත්, ඒ සඳහා වැය වන පිරිවැය අධික වීම නිසාත් නැවත වගාව සහ අලුතින් වගාව සඳහා දක්වන උනන්දුව ප්‍රමාණවත් නොවන බැවින් 2025 වර්ෂය වන විට තේ කිලෝග්‍රෑම් මිලියන 360ක නිෂ්පාදන ඉලක්කය අත් කර ගැනීම සඳහා ප්‍රමාණවත් දිරිගැන්වීම් ලබා දිය යුතුව ඇත. ඒ අනුව, තේ නැවත වගා සහනාධාර මුදල හෙක්ටයාරයකට නව වගා සහනාධාර මුදල හෙක්ටයාරයකට රුපියල් 400,000/- සිට රුපියල් 500,000/- දක්වා වැඩි කිරීම පිණිස වැවිලි අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.