• Increase font size
  • Default font size
  • Decrease font size

2021-04-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මඩකලපුව, වවුනියාව හා යාපනය විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීම
- ගොවීන්ගේ කෘෂි නිෂ්පාදන සෘජුව අලෙවි කර ගැනීමටත්, තරඟකාරීත්වය තුළින් වඩාත් කාර්යක්ෂම ලෙස මිල යාන්ත්‍රණය ක්‍රියාත්මක කරවීමටත් හැකි වන පරිදි විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන වැඩපිළිවෙළ ආරම්භ කොට ඇති අතර මේ වන විට එවැනි ආර්ථික මධ්‍යස්ථාන 15 ක් දිවයින පුරා ක්‍රියාත්මක වෙමින් පවතී. ඒ අනුව, මඩකලපුව හා වවුනියාව විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයන්හි ඉදිකිරීම් කටයුතු අවසන් කර ඇති අතර යාපනය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ පළමු අදියරෙහි ඉදිකිරීම් කටයුතු මේ වන විට අවසන් කොට ඇත. එම විශේෂ ආර්ථික මධ්‍යස්ථානයන්හි පරිපාලනය සඳහා කළමනාකරණ භාර පිහිටුවීමටත්, විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරමින් එකී ආර්ථික මධ්‍යස්ථානයන්හි ව්‍යාපාර පරිශ්‍ර වෙන් කර දීමටත් කෘෂිකර්ම අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.