• Increase font size
  • Default font size
  • Decrease font size

2021-04-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික ලේඛනාගාරය සඳහා ඩිජිටල් කෝෂ්ඨාගාරයක් ස්ථාපිත කිරීම
- 1640 වර්ෂයේ සිට ලන්දේසි හා බ්‍රිතාන්‍ය පාලන සමයන්හි සහ නිදහසින් පසු නිර්මාණය වූ වටිනා අධිලේඛන සහ 19 වන ශත වර්ෂයේ සිට ශ්‍රී ලංකාවේ ප්‍රකාශයට පත් කරන ලද පුවත්පත් ඇතුළු සියලුම ප්‍රකාශනවල නීතිමය තැන්පතුව ජාතික ලේඛනාගාරයේ තැන්පත් කර ඇත. මෙයට දෛනිකව විශාල ලේඛන තොගයක් එකතු වෙමින් පවතින අතර ඒ තුළ ඩිජිටල් ප්‍රකාශන හා ලේඛන, ගුවන්විදුලි හා රූපවාහිනී විකාශන, වෙබ් අඩවි සහ විද්‍යුත් තැපෑල ආදිය ද ඇතුළත් වේ. ඒ අනුව, එම ඩිජිටල් ලේඛනවල විශ්වාසවන්තභාවය සහ අව්‍යාජභාවය සහතික කිරීම සඳහා ඩිජිටල් සංරක්ෂණය පිළිබඳව ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුගමනය කරමින් ඩිජිටල් කෝෂ්ඨාගාරයක් ස්ථාපිත කිරීම පිණිස බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.