• Increase font size
  • Default font size
  • Decrease font size

2021-03-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික පානීය ප්‍රජා ජල සංවර්ධන පනත සකස් කිරීම
ජාතික ප්‍රජා ජල සංවර්ධන සැපයුම් දෙපාර්තමේන්තුව පිහිටුවීමෙන් අනතුරුව, ප්‍රජාව විසින් කළමනාකරණය කරනු ලබන ප්‍රජා මූල සංවිධාන නියාමනය කිරීම සහ බලගැන්වීම එකී දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලැබේ. එහෙත්, ඒ සඳහා අවශ්‍ය නෛතික බලයක් එම දෙපාර්තමේන්තුවට නොමැති වීම හේතුවෙන් ගැටලු රාශියකට මුහුණ පෑමට සිදුව ඇත. එම කරුණු සැලකිල්ලට ගෙන, ජාතික ප්‍රජා ජල සංවර්ධන සැපයුම් දෙපාර්තමේන්තුවේ කාර්යභාරය විධිමත්ව හා ඵලදායීව ඉටු කිරීමට හැකිවන අයුරින් ජාතික පානීය ප්‍රජා ජල සංවර්ධන පනත සකස් කිරීම පිණිස ජලසම්පාදන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.