• Increase font size
  • Default font size
  • Decrease font size

2021-03-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ - මහනුවර (A 001) (කිලෝ මීටර් 44+300 සිට කිලෝමීටර් 100+000 දක්වා) මාර්ගය පුනරුත්ථාපනය කිරීම, වැඩිදියුණු කිරීම සහ නඩත්තු කිරීම සඳහා වන සිවිල් වැඩ කොන්ත්‍රාත්තු පැකේජ හතරක් ප්‍රදානය කිරීම
ආසියානු සංවර්ධන බැංකුව විසින් අරමුදල් සපයන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන යටතේ කොළඹ - මහනුවර මාර්ගයේ කිලෝමීටර 44 සිට 100 දක්වා මාර්ග කොටස පුනරුත්ථාපනය කිරීම, වැඩිදියුණු කිරීම සහ නඩත්තු කිරීම සඳහා වන සිවිල් වැඩ කොන්ත්‍රාත්තු පැකේජ 04ක් සඳහා දේශීය තරගකාරී ලංසු කැඳවා ඇත. ඒ අනුව, ලංසුකරුවන් 15 දෙනෙකු විසින් ලංසු 47ක් ඉදිරිපත් කර ඇත. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි තෝරා ගනු ලැබූ සාරානුකූලව ප්‍රතිචාර දක්වන ලද ලංසුකරුවන් වෙත අදාළ කොන්ත්‍රාත් පැකේජයන් ප්‍රදානය කිරීම පිණිස මහාමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.