• Increase font size
  • Default font size
  • Decrease font size

2021-03-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රුහුණ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය සහ ජපානයේ ඔකායාමා විශ්වවිද්‍යාලයේ පාරිසරික හා ජීවන විද්‍යා උපාධි විද්‍යායතනය (Graduate School of Environmental and Life Science, Okayama University, Japan) අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම
උසස් අධ්‍යාපනික සහයෝගීතාව සහ ජාත්‍යන්තර සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින් රුහුණ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය සහ ජපානයේ ඔකායාමා විශ්වවිද්‍යාලයේ පාරිසරික හා ජීවන විද්‍යා උපාධි විද්‍යායතනය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට යෝජනා වී ඇත. ඒ යටතේ දෙපාර්ශ්වය අතර ශිෂ්‍ය හුවමාරු වැඩසටහන්, පීඨ හා කාර්යමණ්ඩල හුවමාරු වැඩසටහන් සහ සහයෝගීතා පර්යේෂණ සිදු කිරීමට මෙන්ම පර්යේෂණ තොරතුරු හුවමාරු කර ගැනීමට ද සැලසුම් කර ඇත. ඒ අනුව, මූලිකව අවුරුදු 05 ක කාලයක් සඳහා එකී අවබෝධතා ගිවිසුමට එළඹීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.