• Increase font size
  • Default font size
  • Decrease font size

2021-03-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ කැනඩාවේ ජාත්‍යන්තර සංවර්ධන පර්යේෂණ මධ්‍යස්ථානය (International Development Research Centre - IDRC) අතර සහයෝගිතා ගිවිසුමකට එළඹීම
කොවිඩ් - 19 වසංගතය පාලනය කිරීමට හා එහි හානිය අවම කරගැනීමට රටවල් විසින් විවිධ උපායමාර්ගික ක්‍රමවේද අනුගමනය කරනු ලැබ ඇත. එහෙත්, එහිදී ඇතැම් රටවල් විසින් අනුගමනය කරන ලද විවිධ ක්‍රමෝපායන් හේතුවෙන් කාන්තාවන්, ළමුන් සහ අඩු වරප්‍රසාදිත සමාජ කණ්ඩායම් කෙරෙහි ඇති වන බලපෑම සම්බන්ධයෙන් පර්යේෂණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකාව හා මැලේසියාව පදනම් කරගෙන එකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ කැනඩාවේ ජාත්‍යන්තර සංවර්ධන පර්යේෂණ මධ්‍යස්ථානය (International Development Research Centre - IDRC) අතර සහයෝගිතා ගිවිසුමකට එළඹීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.