• Increase font size
  • Default font size
  • Decrease font size

2021-03-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නයිට්‍රජන් සහිත රසායනික පොහොර භාවිතය පිළිබඳව පර්යේෂණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම
ආසියානු කලාපයේ රසායනික පොහොර (විශේෂයෙන්ම නයිට්‍රජන්) නිවැරදි ලෙස කළමනාකරණය නොකිරීම හේතුවෙන් සිදු වන පරිසර හානිය සැලකිල්ලට ගනිමින්, ජාත්‍යන්තර නයිට්‍රජන් කළමනාකරණ පද්ධතීන් (International Nitrogen Management Systems - INMS) සමඟ එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහනේ (United National Environment Programme - UNEP) ප්‍රධානත්වයෙන්, විවිධ වගා පද්ධතිවල නයිට්‍රජන් සහිත පොහොර භාවිතය පිළිබඳව දකුණු ආසියානු කලාපය පදනම්ව බහුකාර්ය පර්යේෂණ යෝජනාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. යෝජිත පර්යේෂණ අධ්‍යයනයෙන් තෝරා ගත් වගා පද්ධතිවල (එළවලු - නුවරඑළිය සහ කල්පිටිය) (සහල් - අනුරාධපුරය) නයිට්‍රජන් හානිය සහ හරිතාගාර වායු විමෝචනය පිළිබඳ දත්ත රැස් කිරීම, ඒ පිළිබඳව ගොවීන් දැනුවත් කිරීම, කඳුකර වනාන්තරවල අඩු ශාක විවිධත්වය මත වායුගෝලීය දූෂණය හඳුනාගැනීම සහ නයිට්‍රජන් හානිය අවම කිරීම පිණිස යහපත් නයිට්‍රජන් කළමනාකරණ පද්ධතීන් ඇති කර ගැනීම සඳහා ගොවි ප්‍රජාව සහ පාර්ශ්වකරුවන් දැනුවත් කිරීම යන කාර්යයන් මෙම ව්‍යාපෘතිය යටතේ වසර 05 ක් තුළදී සිදු කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ එක්සත් රාජධානියේ පර්යේෂණ හා නවෝත්පාදන (United Kingdom Research and Innovation - UKRI) ආයතනය, ගෝලීය අභියෝගතා පර්යේෂණ අරමුදල (Global Challenges Research Fund - GCRF), දකුණු ආසියානු නයිට්‍රජන් මධ්‍යස්ථානය (South Asian Nitrogen Hub-SANH) අතර සහයෝගිතා ගිවිසුමකට එළඹීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.