• Increase font size
  • Default font size
  • Decrease font size

2021-03-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2021 වර්ෂය තුළදී ගංවතුර අවම කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සහ කොළඹ ප්‍රදේශයෙන් පිටත ඇති වන ගංවතුර අවම කිරීම සහ පාරිසරික වශයෙන් තිරසර නාගරීකරණය සහතික කිරීම සඳහා 2021 වර්ෂය තුළදී ක්‍රියාත්මක කළ යුතු ගංවතුර අවම කිරීමේ ව්‍යාපෘති ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් හඳුනාගෙන ඇත. 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට වෙන් වී ඇති රුපියල් මිලියන 2,800ක ප්‍රතිපාදන මඟින් එකී ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිණිස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.