• Increase font size
  • Default font size
  • Decrease font size

2021-03-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'ඉ-ග්‍රාම නිලධාරි' ව්‍යාපෘතිය
ග්‍රාම නිලධාරීන් මඟින් ජනතාවට ලබා දෙන සේවා ආශ්‍රිතව එදිනෙදා රාජකාරි කටයුතු සඳහා අවශ්‍ය වන තොරතුරු රැස් කර තබා ගැනීමට හා පරිශීලනය කිරීමට අවශ්‍ය වන දත්ත පද්ධතියක් සකස් කිරීම පිණිස 'ඉ-ග්‍රාම නිලධාරි' ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි. 2016 සහ 2017 වර්ෂවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 04ක ග්‍රාම නිලධාරි වසම් 162ක ක්‍රියාත්මක කරන ලද නියමු ව්‍යාපෘතියක ප්‍රතිඵල අනුව, දෙවන අදියර ය‍ටතේ ග්‍රාම නිලධාරි වසම් 7000ක එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා මින් පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. ඒ අනුව, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ උපදේශක සහාය යටතේ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය විසින් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස ආරක්ෂක අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.