• Increase font size
  • Default font size
  • Decrease font size

2021-03-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අපවත්වී වදාළ ශ්‍රී ලංකා අමරපුර නිකායේ උත්තරීතර මහනායක කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමීන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය
- අපවත්වී වදාළ ශ්‍රී ලංකා අමරපුර නිකායේ උත්තරීතර මහ‍ානායක, ධර්මපාල වංශාලංකාර සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටක විශාරද ප්‍රවචන කීර්ති ශ්‍රී සාසන සෝභන ශ්‍රී සුමංගල විද්‍යාවතංස අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත, මහෝපාද්‍ය කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමීන්වහන්සේ ජාතික, ආගමික හා ශාසනික වශයෙන් ශ්‍රී ලංකාවට කළ උදාර සේවය සැලකිල්ලට ගෙන උන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය පැවැත්වීමට නියමිත 2021 මාර්තු මස 25 වන දිනය ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමටත්, ආදාහන පූජෝත්සවය පවත්වනු ලබන නගර සීමාව තුළ ශෝක දිනයක් සේ සලකා එදින කොළඹ දිස්ත්‍රික්කය තුළ මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන හා මස් මාංශ අලෙවිසැල් වසා තැබීමටත්, සුරාසැල් සහ මත්පැන් අලෙවි මධ්‍යස්ථාන වසා තැබීමටත් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.