• Increase font size
  • Default font size
  • Decrease font size

2021-03-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අනුරාධපුර ඖෂධ නිෂ්පාදන කලාපය ස්ථාපිත කිරීම
- ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව රට තුළ නිෂ්පාදනය කළ හැකි සියලුම ඖෂධ ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කර තත්ත්වයෙන් උසස් ඖෂධ අඩු මිලට ජනතාවට ලබා දීම සඳහා දේශීය ව්‍යාපාරිකයින් හා ආයෝජකයින් දිරිගැන්වීමේ වැඩසටහන යටතේ අනුරාධපුර ඔයාමඩුව දැයට කිරුළ පැවති භූමියේ "අනුරාධපුර ඖෂධ නිෂ්පාදන කලාපය" ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත. ඒ සඳහා උනන්දුවක් දක්වන සුදුසුකම්ලත් දේශීය ආයෝජකයින් වෙතින් ව්‍යාපෘති යෝජනා කැඳවා විද්වත් කමිටුවක් විසින් ආයෝජකයින් 24 දෙනෙකු තෝරාගනු ලැබ ඇත. එම ආයෝජකයින් විසින් රුපියල් මිලියන 28,200ක් පමණ මෙම ව්‍යාපෘතිය යටතේ ආයෝජනය කිරීමට අපේක්ෂිතය. ඒ අනුව තෝරාගනු ලැබ ඇති දේශීය ආයෝජකයින් වෙත පළමු වසර 05 සඳහා බදු විරාම කාලයක් සහිතව වසර 35ක කාලයක් සඳහා ඉඩම් කොටස් බදු දීමට නියමිතය. යෝජිත ඖෂධ නිෂ්පාදන කලාපය ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය ඇමතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.