• Increase font size
  • Default font size
  • Decrease font size

2021-03-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂම පනත් කෙටුම්පත
- කොළඹ වරාය නගරය ලෙස හැඳින්වෙන විශේෂ ආර්ථික කලාපයක් පිහිටුවීම සඳහා 2021 ජනවාරි මස 04 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව, ඒ සඳහා අවශ්‍ය කෙරෙන නීතිමය ප්‍රතිපාදන සැලසීම සඳහා කොළඹ වරාය නගර ආර්ථික කොමිෂම පනත් කෙටුම්පත නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇත. එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.