• Increase font size
  • Default font size
  • Decrease font size

2021-03-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
යෝජිත විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත
- විශේෂ භාණ්ඩ හා සේවා බදු පනතක් හඳුන්වා දීම මඟින් බදු එකතු කිරීම, කාර්යක්ෂම කිරීමේ අවශ්‍යතාව 2021 අයවැය යෝජනා මඟින් ඉදිරිපත් කරන ලදී. යෝජිත නව පනත මඟින් පැනවීමට අපේක්ෂිත විධිවිධාන යටතේ මත්පැන්, සිගරට්, වාහන, සන්නිවේදන සහ ඔට්ටු ඇල්ලීම වැනි ක්ෂේත්‍රවලට අදාළව භාණ්ඩ හා සේවා බදු අය කිරීම වඩාත් සරල කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව, විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත කෙටුම්පත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස මුදල් අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.