• Increase font size
  • Default font size
  • Decrease font size

2021-03-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
"ස්පුට්නික් V" එන්නත් මිලියන හතක් (07) මිල දී ගැනීම
- කොවිඩ් - 19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් මිලියන 14කට එන්නත් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සැලසුම් කර ඇති අතර, එහි ආරම්භක පියවර වශයෙන් මිලියන 05ක ජනගහනයකට එන්නත් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පියවර ගනිමින් සිටී. ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් රුසියාවේ නිෂ්පාදිත "ස්පුට්නික් V" එන්නත ශ්‍රී ලංකාව තුළ හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශය පරිදි "ස්පුට්නික් V" එන්නත් මිලියන 07ක් ඇමෙරිකානු ඩොලර් මිලියන 69.65ක මුදලකට මිල දී ගැනීම පිණිස සෞඛ්‍ය අමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.